වාහන ආනයනය සියයට 30කින් අඩුවේ

වාහන ආනයනය සියයට 30කින් අඩුවේ

මාසිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සංඛ්‍යාව සියයට 30කින් පමණ අඩු වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සාමාන්‍යයෙන් මසකට වාහන 40,000ක් පමණ මෙරටට ආනයනය කරන අතර, එය මේ වන විට 15,000 දක්වා අඩු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙයි. රුපියලේ අගය උච්ඡාවචනය වීම මෙම තත්වයට ඍජුවම බලපා ඇති බවද ඔවුන් සඳහන් කරයි.

චීන බැංකුව ශ්‍රී ලංකාවට එයි

චීන බැංකුව ශ්‍රී ලංකාවට එයි

චීන බැංකුව (Bank  of China) මේ වසරේදී සිය ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරිමට සූදානම් වී තිබේ. චීක රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව වන්නේද මෙයයි.    ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ බැංකුව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්ව […]

ADB ණය මේ වසරේ සිට ඩො.බි.1 දක්වා දෙගුණ කරයි

ADB ණය මේ වසරේ සිට ඩො.බි.1 දක්වා දෙගුණ කරයි

ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහුකාර්ය සංවර්ධන ආධාර මෙම වසරේ සිට දෙගුණ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම බැංකුව මඟින් ණය සපයනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සිට වාර් ෂිකව ඇ.ඩො. මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ශ්‍රී […]

මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙළඳ සංගම් හමුවෙයි

මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙළඳ සංගම් හමුවෙයි

බදු ගණනයේදී සහ ගෙවීම් වලදී තමන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය වෙළඳ සංගම් නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය. වෙළඳ සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළු සඳහා ඉදිරි අයවැය මගින් විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟතාවය පළ කර ඇත.

රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි, අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි, අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු බවට හුවාවි පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු බවට හුවාවි පත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන ‘හුවාවි‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ලබාදීමට ‘හුවාවි‘ එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය ක්‍රිකට් තරමට ශ්‍රී ලාකේය හදවත් […]

අලුත් මුදල් නෝට්ටු නිකුත්කිරිම නවතියි

අලුත් මුදල් නෝට්ටු නිකුත්කිරිම නවතියි

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 දෙසැම්බර් 31 වනදායින් පසුව අලුත් නෝට්ටු නිකුත් කිරීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් සිතා මතා විකෘති කිරීමක්, වෙනස් කිරීමක් හෝ හානි කිරීමකින් තොරව මුදල් සංසරණයේදී සාමාන්‍ය භාවිතයේදී පළුදු වූ මුදල් නෝට්ටු […]

පොසොන් පෝදා සිල් සමාදන් වූ විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය පිරිනමයි

පොසොන් පෝදා සිල් සමාදන් වූ විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය පිරිනමයි

මෙම පොසොන් පෝදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන්් විසිපන්දාහකට අධික පිරිසකට උදෑසන හීලදානය පිරිනැමීමට 40 වන වරටත් මහජන බැංකුව හා පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගම කටයුතු කරන ලදී. අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශිය බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මහජන බැංකුව, එහි කාර්ය මණ්ඩලය මහජන බැංකු බෞද්ධ […]

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් (On line ) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. මෙම අවබෝධතා ගිවිසුමට පසුගියදා (30) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී […]

ebay ඒකෙන් ලාබෙට බඩු ගෙන්වපු කාලය අවසන්

ebay ඒකෙන් ලාබෙට බඩු ගෙන්වපු කාලය අවසන්

මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි වෙබ් අඩවිවලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙනවා. එම ගණුදෙනුවලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බවයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණුදෙනු සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මේ අනුව Ebay, Aliexpress  වැනි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී  ශ්‍රී ලංකා […]

ලාංකීය නිෂ්පාදනවලට භූගෝලීය දර්ශක

ලාංකීය නිෂ්පාදනවලට භූගෝලීය දර්ශක

ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා භූගෝලීය දර්ශක හඳුන්වා දීම සම්බන්ධයෙන් වන සංවාදයක් ඇති කරලීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් වේ. එම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ස්ටෙෆාන් පසේරි ඊයේ (22) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේදී ඇමති දයා ගමගේ සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. කෘෂි […]

ලොව ප්‍රමුඛ පෙළේ සර්වොස්කි ආයතනය ශ්‍රි ලංකාවේ සිය මෙහෙයුම් අරඹයි

ලොව ප්‍රමුඛ පෙළේ සර්වොස්කි ආයතනය ශ්‍රි ලංකාවේ සිය මෙහෙයුම් අරඹයි

වාණිජ වටිනාකමකින් යුත් ගල් වර්ග හා කෘත්‍රිම දියමන්ති කැපිමේ හා ඔප දැමිමේ ලොව ප්‍රමුඛ පෙළෙ සමාගමක් වන සර්වොස්කි ආයතනය (Swarovski Gemstones) සිය නවතම විලාසිතා පෙළ ශ්‍රි ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදි පැවැත්වුණා. මෙම අවස්ථාවට මෙරට ස්වර්ණාභරණ ක්‍ර්ෂේත්‍රය නියෝජනය කරන පුමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා. සර්වොස්කි ආයතනයේ ආසියානු පැසිෆික් කලාපීය මෙහෙයුම් පිලිබද […]

ලෝව විශාලතම බැංකුවක් වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාට එයි

ලෝව විශාලතම බැංකුවක් වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාට එයි

ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇති බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා සමඟ ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය. ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකෙසෙමින් පවතින […]

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුථල් කෙරේ

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුථල් කෙරේ

උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිඛෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි. මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම අද සිදුකෙරිණි. මේ අනුව දැනට […]

ටවුන්හෝල් “ස්මාර්ට් බස් නැවතුම්පල” ජනතා අයිතියට

ටවුන්හෝල් “ස්මාර්ට් බස් නැවතුම්පල” ජනතා අයිතියට

මොබිටෙල් ආයතනය විසින් ලංකාවේ ප්‍රථම “ස්මාර්ට් බස් නැවතුම්පල” කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් අද (24) දින ජනතා අයිතියට පත්විය. මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර ඇති අතර ඕනෑම වේලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන ක්‍රියාත්මක […]

ලාෆ්ස් ගෑස් – ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්

ලාෆ්ස් ගෑස් – ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්

ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළඳ ලාංඡන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක් පසුගියදා හඳුන්වා දුන්නේය. සමාගමේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙම නව හඳුන්වා දීම් කළ බව එම සමාගම පවසයි. “අප සමාගම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. අප ලාංඡන මෙසේ නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීම මගින් සංකේතවත් වන්නේ […]

කොටස් වෙළඳ පොළ තැරව්කාර සමාගම් අනාථවෙයි

කොටස් වෙළඳ පොළ තැරව්කාර සමාගම් අනාථවෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි කොටස් වෙළෙඳ පොලේ තැරැව්කාර සමාගම් කියා සිටී. අදාළ කඩා වැටීම හේතුවෙන් එම සමාගම්වල කොළඹින් පිට පළාත්වල පවත්වාගෙන ගිය කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල ශාඛා සියල්ලක්ම පාහේ වසා දැමීම බවයි. තවද කොටස් වෙළඳපොළ කටයුතු අධීක්ෂණය කිරීම සහ විධමත් කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ […]

මහජන බැංකුවේ Achievers Awards උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

මහජන බැංකුවේ Achievers Awards උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

පසුගිය වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කළ මහජන බැංකු ශාඛා, සේවා මධ්‍යස්ථාන සහ ප‍්‍රධාන කාර්යාලයේ ව්‍යාපාර ඒකක මෙහිදී ඇගයීමට පාත‍්‍ර විය. ඒ අනුව, මහජන බැංකුවේ වර්ධනයට සහ ශාඛා ජාලයේ ව්‍යාපාර ප‍්‍රවර්ධනයට සහය ලබාදෙන තොරතුරු තාක්ෂණ, මානව සම්පත්, බැංකු සහය සේවා, අලෙවිකරණ හා පර්යේෂණ, මූල්‍ය හා කළමනාකරණ ගිණුම්, පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු, ව්‍යවසාය බැංකු යන දෙපාර්තමේන්තු […]

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

මාර්තු මස 8 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී පසුගියදා (08) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක, ශ්‍රී ලංකා ආරක්ෂක විද්‍යාලයේ විදුහල්පති ධම්මිකා ජයනෙත්ති සහ […]

ලෝකයම ජයගන්න – මහජන බැංකුවේ වනිතා වාසනා සමඟ ඉතිරි කරන්න

ලෝකයම ජයගන්න – මහජන බැංකුවේ වනිතා වාසනා සමඟ ඉතිරි කරන්න

ශි‍්‍ර ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත. ආදරණිය මවක, දියණියක, සොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය නඟා සිටුවීමට දිරිය දෙන ඇය, තවත් විටෙක ශ‍්‍රමය සපයන්නියක, බුද්ධිය මෙභෙයවන්නියක, තීරණ ගන්නියක හා […]