වී මණ්ඩලයේ සියලු සහල් ළගඳීම සතොසට

Share Button

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ඇති සියලු වී තොග, සහල් කොට සතොස හරහා වෙළෙදපොළට නිකුත් කරන බව එහි සභාපති එම්. බී. දිසානායක මහතා සදහන් කරයි.

සභාපතිවරයා මේ අදහස් පළ කළේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් වී ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් පසුගිය (28) වෙනිදා ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි ධාරිතාව වී කිලෝ ලක්ෂ 15කි. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනය පිණිස මෙය ඉදිකරන බව එම් බී දිසානායක මහතා සදහන් කළේය. මේ සඳහා රුපියල් කෝටි 4ක් වැය කර ඇතැයිද එහිදී හෙතෙම පවසා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *