Sun. Dec 5th, 2021
Share Button

2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, හෙට (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමයට සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරනවා.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පසුගිය වසරේ මෙන්ම මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව හදුන්වා දුන් ජංගම දුරකථන යෙදුම (Mobile App) ඔස්සේ ද ලියාපදිංචි වියහැකි බවත් සනත් පූජිත මහතා පවසනවා.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *