උතුරු කොරියාව ජපානයට උඩින් මිසයිලයක් යවයි

Share Button

උතුරු කොරියාව එරට වේලාවෙන් අද අලුයම් කාලයේ තවත් මිසයිලයක් අත්හදා බලා තිබේ.

එය ජපානයට උඩින් ගමන් කොට මුහුදේ පතිත වී ඇති අතර, මේ නිසා ජපානය තුළ අනතුරු ඇගවීමේ සංඥා නාද වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

උතුරු කොරියාව මෙලෙස ජපානය මතින් මිසයිලයක් එල්ල කර ඇත්තේ වසර 8කට පසු ප්‍රථම වතාවටයි.

කෙසේ නමුත් එය බිම හෙලීමට උත්සාහ නොකළ බවත්, කොටස් 3කට වෙන් වූ එය මුහුදට පතිත වූ බවත් ජපාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී ද උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට මිසයිල 3ක් එල්ල කළේය.

ජපානය මතින් අද සිදුකෙරුණු මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේ සිය ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම පියවර ගන්නා බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *