රන් මිල ස්ථාවර වෙයි

Share Button

ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාතික යළි ඉහළ නැංවීමේ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ස්ථාවර වීමක් සති අන්තය වනවිට දක්නට ලැබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1292 ත් 1297 ත් අතර ප්‍රමාණයකයි.

ඇමරිකානු පොලී අනුපාතික ඉහළ නැංවීමක් තුළින් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් කෙරෙහි ආයෝජකයන්ගේ නැඹුරුව අඩුවීමක් අපේක්ෂා කළ හැකියි.

එහෙත් සිකුරාදා ප්‍රකාශයට පත් කෙරුණු එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොලී අනුපාතික ඉහළ නැංවීම පිළිබඳව සඳහන් කෙරුණේ නැහැ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *