සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්

Share Button

දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් දකුණු කොරියානු අධිකරණයක් විසින් නියෝග කර ඇත. අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන සිටි බව වාර්තාවේ.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.

දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.

අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද ඊට ඇතුළත්ය.

අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.

අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *