වසරේ කාන්තාව ලෙස රන් සම්මානය ඇමතිනි තලතා අතුකෝරළට

Share Button

පසුගිය 14 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Top “50” Professional & Career Women Awards Sri Lanka-2017 සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස (Woman of the year) රන් සම්මානය විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවිය. මෙහිදී විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් එතුමිය ලබාගත් ජයග‍්‍රහණයන් හා සිදුකළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් IFC (International Finance Cooperating) ආයතනය විසින් හා Women in Management ආයතනය විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

සිය සොහොයුරා වන දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසු 2004 වසරේ දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී නොකඩවා රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පළමුවැනියා ලෙස වැඩිම මනාප ලබා ගත්තාය. එසේම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

2015 වසරේ විදේශ රැුකියා අමාත්‍ය ධූරයේ වගකීම භාරගත් අතුකෝරළ මහත්මිය, විදේශ රැුකියාවල නිරතවන ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත. එසේම 2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ වසර 2ක් සඳහා සභාපති ධූරයට තේරී පත්විය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍යතුමියට හිමිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *