වීරකැටියේ දෙපිරිසක් ගැටීමෙන් තරුණයකු මරුට

Share Button

වීරකැටිය නගරයේ දී අද (17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් රවිඳු නිම්සර ගාර්දියවසම් නමැති (22) හැවිරිදි තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබෙන බව වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *