කාවන් රත්නායක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට

Share Button

ලේක් හවුස් සභාපති කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත.

පෞද්ගලික අංශයේ අති දක්ෂ කළමනාකරුවෙකු ලෙස සැලකෙන රත්නායක මහතා ඉකුත් වසර දෙකක කාලය තුළ ලේක් හවුස් ආයතනයේ විශාල පරිවර්තනයක් ඇති කිරීමට නායකත්වය දී තිබේ.

ආයතනයේ මූල්‍යමය ස්ථාවරත්වය ශක්තිමත් කළ රත්නායක මහතා ලේක් හවුස් පුවත්පත් වලට සමාජයේ යළි පිළිගැනීමක් ඇති කිරීමට විශාල මෙහෙවරක් ඉටු කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතා 1998 සිට 2007 දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙකි.

තවද ඩයලොග් බ්‍රොඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම් වල ප්‍රධාන සමාගමික නිලධාරියා වශයෙන්ද කටයුතු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *