ශාරුක් සහ අනුෂ්කා රඟපාන චිත්‍රපටියකට බාල්දියක් වැටෙන ලකුණු

Share Button

බොලිවුඩ් පුරය කැළඹූ අමුතුම වීඩියෝ පෙළක් වෙත බොහෝදෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

මෙලෙස අවධානයට ලක්ව ඇත්තේ Jab Harry Met Sejal නම් චිතරපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝපට කිහිපයක් වෙතටයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ සුපිරි නළු ශාරුක් සමඟ අනුෂ්කා ෂර්මා යි.

මෙලෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ අදාළ පූර්ව ප්‍රචාරක පටවල ඇතුලත් දර්ශන වල වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්දමේ දර්ශන කිහිපයක් ඇතුලත් වීමයි.

මේ හේතුවෙන් ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය විසින් එහි දර්ශන සංශෝධනය කළ යුතු බවට චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට දන්වා ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ වනවිට තාවකාලිව අත්හිටුවා ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *