කුසල් මෙන්ඩිස් එක්දින ලකුණු 1000 සීමාව පසු කරයි

Share Button

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදී සිය එක්දින ලකුණු දහසේ සීමාව පසු කිරීමට කුසල් මෙන්ඩිස් සමත්විය.

එක්දින ජාත්‍යන්තර තරග 28 කට ක්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් එක් ශතකයකට සහ අර්ධ ශතක 10 කට හිමිකම් කියයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව පන්දුවාර 25 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 133 ක් ලබා සිටියි.

ධනුෂ්ක ගුණතිලක සිය 5 වන එක්දින අර්ධ ශතකය අද වාර්තා කළ අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඔහු මේ වන විට ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 60 ක්. කුසල් මෙන්ඩිස් ද ලකුණු 56 ක් ලබා සිටියි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *