ට්‍රම්ප්ගේ සංචාර තහනම අද සිට ක්‍රියාත්මකයි

Share Button

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පාර්ශවීය වශයෙන් අවසර ලබාදුන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදකාරි සංචාර තහනම ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 5.30 සිට ක්‍රියාත්මක වනවා.

ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් මේ අනුව ඇමරිකාවට නිශ්චිත සබදතාවක් නොමැති කිසිවෙකුට එරටට පැමිණීම සදහා වීසා නිකුත් කෙරෙන්නේ නැහැ.

මෙම තහනම දින 90 ක කාලයක් සදහා ක්‍රියාත්මකයි.

එමෙන්ම, සියලූම සරණාගතයන්ට දින 120 ක කාලයක් ඇමරිකාවට ඇතුලූවීම තහනම් කිරීමේ නියෝගයට ද ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවූ අතර එයද ඒ අනුව ක්‍රියාත්මක වනු ඇති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *