13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

ටෙලි නිර්මාණ ශිල්පින්ගේ කුසලතා ඇගයෙන 13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (24) වෙනිදා පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ටෙලි නාට්‍ය සහ රූපවාහිනි මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කරමින් මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ප්‍රණාම සම්මාන 04 ක් ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

කථානායක කරු ජයසූරිය, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් සහ මැති ඇමතිවරු, කලාකරුවන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප :අනිල් පුෂ්පකුමාර- ජනාධිපති මාධ්‍ය අංශය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *