අලුත් මුදල් නෝට්ටු නිකුත්කිරිම නවතියි

Share Button

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 දෙසැම්බර් 31 වනදායින් පසුව අලුත් නෝට්ටු නිකුත් කිරීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සිතා මතා විකෘති කිරීමක්, වෙනස් කිරීමක් හෝ හානි කිරීමකින් තොරව මුදල් සංසරණයේදී සාමාන්‍ය භාවිතයේදී පළුදු වූ මුදල් නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පවත්නා ක්‍රමවේදයන්ට අනුව හුවමාරුකර එහි වටිනාකම ලබාගැනීමේ හැකියාව තවදුරටත් පවතිනු ඇති.

ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් එමගින් සත්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් වෙන්ව හඳුනාගැනීම සඳහා මහා බැංකුව විසින් මෙම පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වාදීම සිදුකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *