කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න ගව ලේ බොන මිනිස්සු

Share Button

ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ජීවත් වෙනවා. මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ. මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.

මාස 6 යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා. මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *