ඉන්ෆ්ලුවෙන්සා H1N1 හැදුනට බය වෙන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය

Share Button

ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන්ට බිය නොවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ද දැනුම් දී ඇති බව අමාත්‍යංශය පවසයි.

මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවන අතර සැම වසරකම දෙසැම්බර් – පෙබරවාරි කාලය තුළත්, මැයි සිට ජුලි දක්වා කාලය තුළත් වෛරසය පැතිර යන බව අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.

පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත පැතිර යන මෙම වෛරසය වැළදුන රෝගීන්ගේ වාර්තාවීම් අඩු වී තිබෙන අතර විශේෂයෙන්ම ළදරුවන්, ගැබිනි මාතාවන්, කිරිදෙන මවිවරුන් මෙයින් ආරක්ෂා වීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයේ සඳහන්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *