රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකිරීමක් සිදුකොට ඇති බව සංස්ථා සේවකයින් පවසයි.
අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කොට ඇති බවද වාර්තාවේ.
එසේම සංස්ථා සේවක සංයුතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට සිය ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන අත්තනෝමතික ලෙස තනතුරු ප්‍රධානය කිරීමක්ද සිදු කොට ඇත.
දිගින් දිගටම මොහු විසින් සිදුකොට ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් සංස්ථා සේවකයින් හා සියළු වෘත්තීය සමිති එක්ව අධ්යක්ෂ ජනරාල් කාර්යාලය වටලා තිබේ.
දැඩි සේවක විරෝධය හමුවේ පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර මහතා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා ද මැදිහත්වී ඇත.
පසුව අධ්යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව සංස්ථා භූමියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.