විදුලිය කප්පාදුවක් සිදුනොකිරීමට ජනාධිපතිවරයා සමග අද පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ බලධාරීන් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
විදුලිය උත්පාදනය සඳහා බලාගාරවල සංචිත ඉන්ධන තොග අවසන් වෙමින් ඇති පසුබිමක අද සිට විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය මීට පෙර සිටම අනතුරු ඇගවීම් සිදුකළා.
ඒ අනුව අද දිනය තුළ විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් පෙරවරුවේ සිටම පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයක්.
එවන් පසුබිමක් තුළයි පවතින විදුලි හා ඉන්ධන අර්බුදයට විසදුම් සෙවීමේ අරමුණෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ.
මේ අතර, විදුලිය කප්පාදුවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සංගම්වලට කිසිදු අයිතියක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කළා.
ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විදුලි භාවිතය අවම කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බවයි.