Tue. Jan 25th, 2022
Share Button

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 11ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15174ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 12 තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයන් 7ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8ක් සිදුව තිබෙනවා. ඒ පිරිමි 4ක් සහ කාන්තාවන් 4ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8ක් සිදුව තිබෙනවා.

ඒ පිරිමි 4ක් සහ කාන්තාවන් 4ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 593725ක් හඳුනාගෙන ඇති අතර ඉන් 10862ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 567700ක්.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *