Tue. Jan 25th, 2022
Share Button
“අසීරුම මොහොතවල් වලදී
කිසිදිනෙක අත් නොහළ, ප්‍රේමය නම් මෙයැයි…”

සම්මානනීය නිළියක් වන සමනළි ෆොන්සේකා, රිදී තිරයේ ඇය නිරූපණය කළ ඇතැම් චරිත නිසාම ඇය බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණා. විශේෂයෙන්ම මෑතක තිරගත වූ “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය තුළ ඇය දුම්බොන දර්ශන පවා අඩංගු වූ අතර, ඒ නිසාම ඇයට බොහෝ දෙනාගේ විවේචනයට ලක් වන්නටත් සිදුවුණා.

කොහොම වුණත් තමන්ගේ නිර්මාණයට උපරිමයෙන් සාධාරණය ඉටු කරන සමනළී, මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසකගේ “ආදරණීය නිළිය” බවට නිතැතින්ම පත්ව සිටිනවා.

සමනළි විවාහ වී සිටින්නේ සංගීත ශිල්පියෙකු වන ඉන්ද්‍රචාපා ලියනගේ සමඟයි. ඉන්ද්‍රචාපා ලියනගේ අද දිනයේ උපන්දිනය සමරන අතර, ඉන්ද්‍රචාප ප්‍රවීණ රංගධර හේමසිරි ලියනගේ මහතාගේ පුත්‍රයෙක්.

ඉතින් අද උපන්දිනය සමරන ඉන්ද්‍රචාපට සමනළි ආදරණීයට සටහනකින් සුබ පැතුම් එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන….

“එකිනෙකා හුස්ම ගන්නා
හඬක්වත් නොඇසෙන,
බිඳී වැටෙන කඳුලක
සෙවනැල්ලක්වත් නොපෙනෙන,
මේ තරම් වියළි යුගයක…
අගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දිත්
‘ආදරයේ අත’ අත නොහැර,
සෙනෙහස රැඳුණු
කිසිදු තැනක්
අසීරුම මොහොතවල් වලදී
කිසිදිනෙක අත් නොහළ,
ප්‍රේමය නම් මෙයැයි…
ඒ අනෙකාව වටහා ගැනීමයි!
අනෙකාව දාරාගැනීමයි!
අනෙකාව පිළිගැනීමයි!
අනෙකාට ඉඩදීමයි!
මට යළි යළිත් පසක් කළ…
සුවිශාලම උණුසුම්ම නිදහස්ම
හදවතක් ගැහෙන
මගේම චාපුට,
සුබම සුබ උපන්දිනයක්…!”
– ශබ්බූ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *