Tue. Jan 25th, 2022
Share Button

රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා

ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම දුම්රිය ධාවන කාර්්‍යය මණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් රැසක් පදනම් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි

මේ ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරන දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා

මේ අතර දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර ඇති පැය 24ක සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ ගමන් වාර 80ක් පමණක් අද දිනයේ ක්‍රියාත්මක කරන බවයි.

මෙම හදිසි වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ කාර්යාල වලට පැමිණෙමින් සිටි මගීන් රැසක් අපහසුතාවට පත්වුනා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *