Tue. Jan 25th, 2022
Share Button
“ඉඟි මරන තරු රෑන” ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය කේ.සුජිවා ගැන පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වුණා.

ඒ කොහොම වුණත්, ඇය , ඇය ගැන පැතිර ගිය කිසිම කතාවකට උත්තර දුන්නෙ නම් නැහැ.

ඒ විදිහට නිහඬවම හිටපු කේ. සුජීවා එකවරම වීඩියෝවකින් එළියට ආවේ රසිකයින් පුදුමයට පත් කරමිනුයි.

මේ වීඩියෝව ඇගේ අලුත්ම ගීතයයි. “සුන්දර ගීයකි ආදරේ” කියන මේ ගීතයේ විශේෂත්වය තමයි, ගීතයේ සංගීත සංයෝජනය කරලා තියෙන්නෙ, කේ. සූජිවාගේ පුංචි දියණිය රෝස්. ඒ වගේම මේ ගීතය කේ. සුජිවාගේ “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් පස්සෙ, ඇගේ තනි නිර්මාණයක් විදිහට අවුරුදු 18කට පස්සෙ එළියට එන ගීතය.

මේ වෙනකොට මේ ගීතය බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත අපූරූ ගීතයක් බවට පත් වෙලා.

ගීතය එන්න කලින් ඉඳන්ම, කේ. සුජිවාත්, ඇගේ දියණියන් දෙන්නාත් ගීතය ගැන පෙර දැනුම් දීම් එහෙම කරලා තිබුණා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *