Tue. Jan 25th, 2022
Share Button

ගයත්‍රී ඩයස් කියපුවාම අපි හොඳින් දන්න කියන චරිතයක්නෙ ඇය. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා අතර මේ වන විට ඇය ජනප්‍රියයි. දියණියන් දෙදෙනකුගේ මවක් විදිහට බොහොම ආදරයෙන් ඔවුන් දෙදෙනාව රැකබලා ගනිමින් මේ වන විට ජීවත් වෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා මහත්මයා සමගින් වෙන් වීමෙන් පසුව ඇය දරු දෙදෙනා ද සමග බොහොම ස්වාධීන ලෙස තමයි ජීවත් වෙන්නෙ. ඇයගේම කියලා ව්‍යාපාර කටයුතු කරගෙන රංගන ජීවිතයේ කටයුතු කරගෙන ඇය බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් සමගම පසුගිය දවසක ඇය ඇයගේ දෙනෙත් පරිත්‍යාග කරන්නට පොරොන්දු වෙලා තිබුණා.

මේ පිළිබඳවත් බොහෝ මාධ්‍ය ජාලාවල කතාබස් කෙරුණා. බොහෝ දෙනා සුබවාදී ලෙස ඒ දෙස බැලුව අතර තවත් සමහරුන් එයටත් කතා ඉදිරිපත් කරලා තිබෙන බව තමයි දකින්නට ලැබුණේ. කොහොම වුණත් මිනිස්සුන්ගෙන් එල්ලවන සියලු බාධක හමුවේ ඇය ස්ථිර ලෙස නැගී සිටිනවා. කොහොම වුණත් කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් අලුත් පුවත් මවන චරිතයක් විදියට ඇය අපූරු කවියක් ඇගේ සමාජ මාධ්‍ය තුළ පළ කරල තිබුණු ආකාරය තමයි අපට දැකගන්නට ලැබුණේ.

ඉතින් මේ කවිය තුළින් ඇය උත්සහ කරන්නේ කුමක්ද කියන්න නං දන්නෙ නැති වුනත් ඇය කර තිබෙන සටහන නම් අපූරුවට රචනා කළ බව නම් කියන්නට ඕනේ. මැරිච්ච හීනවල රස සොයා සොහොන් මත සැරිසරන්න එපා. රඟමින් සම්මානනීය වූ පෙම් කව පොත්වල ලියන්න එපා. කවියන් රස කළ මැණිකේ පණ කියා කියූ රසබර කියුම් හිටවන කවි කරන්න එපා. හිත යන යන තැන්වල කළුවර හිත් වලින් කල එළි කල හිත් අම්මෝ තවත් එපා, කියලා තමයි ඇය මේ අපූරු සටහන ඉදිරිපත් කරලා තිබෙන්නේ

Gallery

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *