Tue. Jan 25th, 2022
Share Button

මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපූරු චරිතයක් පිළිබඳව. ඉතින් ප්‍රියසාද් පවුල කියපුවාම ලංකාවේ කොයි කවුරුත් දන්න හඳුනන පුද්ගලයන් සම්බන්ධ වූ කලා පවුලක් විදියට ඔවුන්ව කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රියසාද් පවුලේ දෙවැනි දියණිය ගැන තමයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්.

පසුගිය දවසක ශේෂාද්‍රි පුවත්පතක් සමග සාකච්ඡාවක් කර තිබෙන අයුරු අපට දැකගන්නට ලැබුණා. එහි දී ඇය සඳහන් කළ කාරණාවක් තමයි විවාහයෙන් පස්සේ සැමියා සමඟ සතුටින් ජීවත් වෙනවා කියන කාරණාව

. කොහොම නමුත් දෙදෙනාම එකතුවෙලා සමරන මුල්ම නත්තල තමයි ගිය මාසයේ දී ඔවුන් දෙදෙනා සමරලා තිබුනේ. ඉතින් ගෙවුනු නත්තල ඔවුන් දෙදෙනා ගත කළේ කොහොමද කියලත් ඇය සඳහන් කරලා තිබුණ ආකාරය දැකගන්නට ලැබුණා.

ඉතින් ඔවුන් නත්තල සඳහා සැරසී තිබෙන්නේ නොවැම්බර් මාසයේ ඉඳලම කියලා තමයි සඳහන් වෙන්නෙ. පුරුද්දට වගේ මේ පාරත් කලින්ම නත්තල වෙනුවෙන් ගෙවල් දොරවල් සැරසුවා කියල ඇය විසින් සඳහන් කරල තිබෙනවා. කෙසේ නමුත් ඉතින් කිතුනු භක්තිකයන්ට ආදරෙන් සිහිපත් කරන්නට පුළුවන් කාලයක්නෙ නත්තල් කියන්නේ.

ඉතින් හැම වසරකම වගේ ශේෂාද්‍රි ඇතුළු පවුලේ සියලු දෙනාම නත්තල වෙනුවෙන් බොහොම අපූරුවට නිවෙස හැඩවැඩ කරනවා. ඉතින් මේ වෙනකොට ඇයත් දිනක්ෂිත් ඒ සඳහා සහභාගී වුණේ නැහැ. නමුත් ඔවුන්ගේ බාල සහෝදරිය වන ශනුද්රි තමයි මේ පාර ඔවුන්ගේ නිවසේ සැරසිලි කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. පෙර වසර වලදී නම් සහ නත්තල් ගහ සරසන්නේ ශනුද්රි.

ඒවගේම තමයි මේ පාරනම් හැම දෙයක්ම ශනුද්රිගේ අතින්මයි තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. කොහොම නමුත් ඇතැම් සතියකට දෙපාරක් විතර ඔවුන් සියලු දෙනාම මහ ගෙදරට එකතු වෙනවා කියලත් සඳහන් කරල තිබුණා. ශේෂාද්‍රි බොහෝ විට ඔවුන්ගේ අක්කගේ දියණියත් එන දවසට මහ ගෙදරට එකතු වන බව සඳහන් කරනවා. ඉතින් ශේෂාද්‍රිගේ සැමියා තමයි රොෂාන් කියලා කියන්නේ.

ඔහු සංගීත කණ්ඩායමක් සමග සම්බන්ධ වෙලා සංගීත කටයුතු කරගෙන යමින් සිටියා. ඇය කියන විදිහට ඔහු මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා පුද්ගලික ආයතනයක කළමණාකාර වරයෙක් ලෙස කටයුතු කරන බව කියා සිටිනවා.

කෙසේ වෙතත් සංගීත වැඩ කටයුතු නවත්වලා නැති බවත් සඳහන් කරලා තිබුනා. ගීත කිහිපයක්ම පටිගත කරල තිබෙන අතර ඉදිරියේදී ඇල්බම් එකක් විදියට ඒවා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවාය කියන දේ තමයි සඳහන් කරලා තිබෙන්නේ.

Gallery Gallery Gallery Gallery

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *