Tue. Jan 25th, 2022
Share Button

මේ වන විට ඇය බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය තාරුණ්‍යයේ සිත් වසඟ කරගත් රංගන ශිල්පිනියක්. දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වු ඇය නමින් නෙත්මි රොෂෙල් රොජර්ස්.⁣ එදා අනුහස්ගේ ජනප්‍රිය නළුවා විමේ සම්මානය ලබා ගත්තේ ඇයයි. ඒ ගැන මුලින්ම අහන්න හිතුවා “ඇත්තටම ඒ අවස්ථාව ගැන කියන්න බැරි තරම් සතුටුයි මට. එදා අනුහස් ඩ්‍රිම් ස්ටාර් අවසාන මහ තරගයේ හි⁣ටියේ ඉතින් එදා සම්මානය ගද්දි මට හිතුනා මට ඒ සම්මානය හිමි වුනා කියලා. මොකද මේ කතාවට එන්න කලින් ඉදලම මම කතාවට ගොඩක් ආදරේ කලා. ඒ නිසා ඒ ගැන ඇත්තටම සතුටුයි මට.”

නෙත්මි ඇයි කලාවට එන්න හිතුවේ, “පාසල් යන කාලේ මම හිතුවේ ඩාන්සර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ගුවන් සේවිකාවක් වෙන්න. අන්තිමට හැමදේම පැත්තකටම දාලා කොමස් කරලා විශ්ව විද්‍යාලයට යන්න හිතාගත්තා. හැබැයි කලාව කියන දේ මාව අතාරින්න ලෑස්ති වුනේ නෑ. හිතේ කොනක තිබුන කලාවට ලැදි කම නිසා මට අද රටම දන්න නිලියක් වෙන්න පුළුවන් වෙලා. ඒ ගැන හිතද්දි ඇත්තටම ජිවිතේ ගැන පුදුම හැගිමක් දැනෙන්නේ.”

මුලින්ම දෙවනි ඉනිම ටෙලිනාට්‍ය සම්බන්ධ වුන රූගත කිරිම් අවස්ථාව ගැන කතා කලොත්, “මට තිබුනෙ වාහනයෙන් බැහැලා එන තත්පර පහක වගේ කොටසක් රඟපාන්න. ඒ කාලේ ඉදන් ජනප්‍රිය කතාවක් තමා දෙවනි ඉනිම කියන්නේ. ඉතින් ඒකේ රඟපාන ඕනම කෙනෙක් ජනප්‍රිය වෙනවා. මම ඉතින් රඟපාපු පුංචි වෙලාවෙන් මම ජනප්‍රිය වුනා. මම ඇත්තටම ඒ චරිතයේ හැම තැනකම ජිවත් වුනා. හදවතින්ම ඒ චරිතය වින්දා.”

ජනප්‍රියත්වය ගැන කතා කලොත්, “මම ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මම අද ජනප්‍රිය වෙලා මම හිතුවටත් වඩා. මම රඟපාලා තියෙන්නේ සිමිත චරිත කිහිපයක්. මේ දිනවල දෙවනි ඉනිම ටෙලි නාට්‍ය නිසා මට වෙන නිර්මාණ භාරගන්න බෑ. හැබැයි මාව අද බොහෝ දෙනෙක් අදුරන්නේ දෙවනි ඉනිම කතාංගය නිසා. මම නිහතමානිව මගේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. රූපවාහිනිය තුළ නිළියක් වගේම විශ්ව විද්‍යාලයේ මම ශිෂ්‍යායාවක් විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජිවිතේ විදින තැන් ගොඩයි. ඒ නිසාම ම⁣ට ජීවිතේ හරි අපූරූයි. ඒකට ජනප්‍රියත්වයක් අදාල නෑ.”

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *