Sat. Jun 25th, 2022
Share Button

ශෙරින් ඩෙකර් කියන්නේ මෙරට වැඩිපුර දකින්න නොලැබෙන එහෙත් බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. සංගිත කේෂ්ත්‍රයේ ඉන්න රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණිය බිරිඳ වන ඇය සරල සාමාන්‍ය යුවතියක්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. ශෙරින් පොඩි කාලේ ඉදන් රංගන ශිල්පිනියක් වෙන්නද ආස කලේ, “මම පුංචි කාලේ ඉදන් කටකාර කෙනෙක්. අපේ ආච්චි අම්මා පුංචි කාලේ මම කරන වැඩ දිහා බලලා දවසක මම නිළියක් වෙයි කියලා කියලා තිබුනා. හරියට ඒ අනාවැකිය අද හැබෑ වෙලා.

ඒ අය මට ගොඩක් ආදරෙයි. පාසල් කාලේ මම නර්ථනයට ගොඩක් ආසයි. ඉතින් ඒ ආසාව කැමැත්ත තමා මම මේ තැනට ගෙනාවේ. අනික මට එක එක හින එක එක කාලේට තිබුනා. කාලයක් ගුරුවරියක් වෙන්න. ඊට පස්සේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි ඒ හැමදේම එක්ක දවසක නිළියක් වෙන්න වුනත් මම ආස කලා. මගේ අම්මා තමා මාව ඒ හීනයට ලං කලේ.

ඔබ මුලින්ම රංගනයට ආවේ ‘අමා’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් අදටත් ඒ චරිතය ජනප්‍රියයි. එහෙම වෙලත් ඇයි ඔබ වැඩිපුර නිර්මාණ වලට ඉදිරිපත් නො⁣වන්නේ, ”මම මේ ඉන්න විදිහ හොදයි කියලයි මගේ හිත කියන්නේ.මට මගේ හිත ගැන ලොකු විස්වාසයක් තියෙනවා.මොකද මගේ හිත කියන කිසිදෙයක් වැරදිලා නෑ මට.ඒ නිසා.මම සල්ලි මත්තේ ඉන්න සල්ලි නිසා රංගනය කරන කෙනෙක් නෙවෙයි.මම සම්මාන බලාපොරොත්තුවෙන් රංගනයට ආවේත් නෑ.මම මේ හම්බකරපු රසික ආදරේ මට වටිනවා.මම ඒ ආදරේ සාධාරණය ඉෂ්ඨ කළා. ඉතින් හැමදාම වගේ මම පොළොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක්”

අමා චරිතයට ලැබුන ප්‍රතිචාර , “ලැබුන නෙවෙයි ඇත්තටම ලැබෙන. මොකද අදටත් ගොඩක් අය මට කතා කරන්නේ අමා කියලා. ඒ ආදරේට ඇත්තටම මම ගොඩක් ආදරෙයි. අමා කියන චරිතය මට ලැබුනේ මගේ වාසනාවට. අවුරුදු ගානක් ගියත් සමහරුන්⁣ට ඒ චරිතය මතකයි. මම කලාවට ගොඩක් ආදරේ කෙනෙක්. මට අමා කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර වලට ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා”

ඔබ දැඩි ලෙස දෙවියන් විස්වාස කරන කෙනෙක් නේද? “මම රෝමානු කතෝලික. මගේ අම්මා බෞද්ධ. මම පන්සල් පවා යනවා. මම කාටවත් වෛර කරන්නේ නෑ. මම හැමෝටම ප්‍රේම කරන කෙනෙක්. මම පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්නේ එහෙම. ඒ ආශිර්වාදය මාව කරදර වලින් පවා බේරගෙන තියෙනවා. ඉතින් අපි කාටවත් වරදක් නොකර ජිවත් වෙනවනම් අපිට ජිවිතේ කොතනකවත් කවදාවත් වරදින්නේ නෑ. මොකද දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. මම විස්වාස කරන එකම දේ ඒක.”

Share Button

Leave a Reply

Your email address will not be published.