Sat. Jun 25th, 2022
Share Button

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනයට සහ විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පලගේගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයින් අටදෙනෙකු ඇතුළත්.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යයනයන් හා අදහස් විමර්ශනය කර සති දෙකක් ඇතුළත වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර අදත් පාර්ලිමේන්තුවේදී ගෑස් ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සංවාදයට බඳුන් වූ අතර, එහිදී කථානායකවරයා, අදාළ ගැටලුවට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල ඇමතිවරුන් නොමැතිවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළා.

Share Button

Leave a Reply

Your email address will not be published.