Tue. Jan 25th, 2022
Share Button

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුළි බිඳවැටීම් යථාතත්වයට පත්කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් අද රාත්‍රී 7.35ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක් වාර්තා වුණා.

ඒ අනුව බියගම, කොටුගොඩ, හබරණ, ගාල්ල, මාතර, පන්නිපිටිය, රත්මලාන, ශ්‍රී ජයවර්ධනපුර, කුරුණෑගල, කිරිබත්කුඹුර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම යන ග්‍රීඩ් උපපොළවල් ආශ්‍රිත ප්‍රදේශවල මෙම විදුලි බිඳ වැටීම් වාර්තාවන බවයි සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *