Sun. Dec 5th, 2021
Share Button

පියුමි හංසමාලි කියලා කියන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට ගොඩක්ම ප්‍රසිද්ද වෙලා ඉන්න පියුමි හංසමාලිගේ 29වන උපන්දිනයත් ඊයේ දිනයට යෙදිලා තිබුණා.

ඒ වගේම දැන් පියුමි හංසමාලි කියන නම කිවුවම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ තරම්ම ඇය ජනප්‍රිය චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිසෙන ඇය මේ වනවිට මියුසික් වීඩියෝ රැසක් හරහා මෙන්ම කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ජාලා තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ සුරූපී නිරූපණ ශිල්පිනිය පහුගිය දවසක සුන්දර මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේදී ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන ඩාක් රූම් ආයතනය විසිනුයි.

ඉතින් මේ ජනප්‍රිය සුරූපී නිලි පියුමි හංසමාලි සුන්දර මනාලියක්ව සැරසිලා කරපු අපූරු ෆෝටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම ඊයේ දිනයේදී උපන්දිනය සමරපු ඇයට අපි සුබම සුබ උපන්දිනයක් වේවා කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *