Sun. Dec 5th, 2021
Share Button

ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘ඕලු’ කියන්නේ. මේ ටෙලිනාට්‍ය පිලිබඳ මෑතකාලයේ කතාවෙන්න පටන්ගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ මෙම ටෙලිනාට්‍ය නැවත විකාශනය කරන්න පටන්ගත්තට පස්සේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවපු රංගන ශිල්පිනිය පිළිබඳත් හැමෝම කතාවෙන්න පටන්ගත්තා. ඉතින් මේ ටෙලිනාට්‍යට පන පෙවුවේ මංජුලා කුමාරි විසින්. පුංචි තිරයේ අහිංසකාවිය විදියට හැඳින්වූවේත් මංජුලා කුමාරියි. කොහොම වුනත් මංජුලා අම්මා කෙනෙක් වුනාම වැඩිය රංගනය හරහා දකින්න ලැබුනේ නෑ. ඉතින් ඒ පිලිබඳ මංජුලා අපිට කිවුවේ මේවගේ කතාවක් ”දැන් මම ගොඩක්ම කැපවෙලා ඉන්නේ මගේ ළමයි දෙන්නගේ වැඩ වලට, මගේ දුවගේ සහ පුතාගේ වැඩ කරන්නේ මගේම අත්වලින්. ඉතින් මගේ ජීවිතේ මේ දවස්වල ගෙවෙන්නේ මගේ දරුවෝ දෙන්නා එක්ක” කියලයි.

මංජුලා කියන්නේ දෙදරු මවක් ඉතින් ඇය චරිත තෝරාගැනීමේදී සැමියා කියන දේවල් පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි එයා කවදාවත් මගේ දේවල් වලට විරොදයක් දක්වලා නෑ. එහෙම ප්‍රශ්න මතුවෙන වැඩ මම කරලත් නෑ. හැබැයි එයාගේ කිසිම අකමැත්තක් නෑ මම පෙම්වතියගේ චරිතය කරනවට අනික හොඳට තෝරාබේරාගෙන තමයි මම රඟපාන්නේ ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මංජුලා කුමාරිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *