Sun. Dec 5th, 2021
Share Button

අපේ කළා ලෝකයේ සුන්දර රංගන ශිල්පිනියන් ගොඩක් හිටියත් තරුණයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනිය තමයි සඳනි කියන්නේ. ඇයගේ සුන්දරත්වයට සමකරන්න පුළුවන් කිසිම රංගන ශිල්පිනියක් ලංකාවේ නෑ කියලයි ඇයගේ රසිකයින් කියන්නේ. සුන්දර සිරුරත් නිතරන හිනැහාවෙන් සැරසුන මුහුණත් ලගන්නා සුළු කළා විලාශයත් නිසා හැමෝම අවගේ සඳනිට ගොඩක් ආදරෙයි. සඳනි රංගනයට කලින් පිවිසෙන්නේ නිරූපන ක්‍ෂේත්‍රයට. ඉතින් ඇය නිරූපනය එකතුවුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම මුලින්ම නිරූපනයට එකතුවුනේ 2016 වසරේදී. ඒ ITN අවුරුදු කුමරිය තරඟයෙන් පස්සේ. ඊටපස්සේ මම වෙළඳ දැන්වීම් වලට පෙනීසිටියා. වෙළඳ දැන්වීම් වලින් පස්සේ වෙළඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුනා. ඊටපස්සේ 2017 වර්ෂයේ රුපවාහිනී අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළා.” කියලයි.

සඳනි ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්තේ ‘හාරකොටිය’ ටෙලිනාට්‍යයේ රශ්මිගේ චරිතයෙන්. මේ වනවිට සඳනි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඇය ඇයගේ ඉදිරි බලාපොරොත්තු පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”රඟපාන ගමන් මෝස්‌තර නිරූපන පැත්තට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. කාලයක් මම මොඩ්ලින් කල නිසා මට ඒ දේට සුදුසුකම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි කොච්චර දේවල් ලැබුණත් සරලව ඒ දේවල් විඳගන්න තමයි මම කැමති. සරල බව කියන්නේ මගේ ජීවිතයේ කොටසක්” කියලයි.

දැන් සඳනි පෙම්වතියක් ඇයගේ ආදරණීය පෙම්වතා තමයි පියත් රාජපක්ෂ, පියත් කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායකයෙක්. පසුගිය කාලයේ ඇය වෙනුවෙන් පියත් ගීතයකුත් නිර්මාණය කරලා තිබ්බා. ඉතින් ඇය පියත් පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” මම කළා ක්‍ෂේත්‍රයට ආවට පස්සේ තමයි මට පියත් මුණ ගැහෙන්නේ. ඇත්තම කියනවනම් ඒ ආදරය මාව ජීවත් කරවනවා. අපි ගොඩක් ආදරෙන් ඉන්නේ දැන් අපිට අපි නැතිවම බෑ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සඳනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *