Tue. Jan 25th, 2022
Share Button

යුගදනව් සමාගම පුද්ගලික සමාගම සමාගමක් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා.

එහෙත් එම සමාගමේ ආයෝජනය කර තිබෙන්නේ සේවක භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල මුදල් බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සදහන් කරනවා.

ලක්දනව් ආණ්ඩුවේ

ඒ හැරුණුකොට මුදල් අමාත්‍යංශය සතු කොටස්ද තිබෙන බවත් පිළිගන්නා අමාත්‍යවරයා ඒ අනුව 95%ක කොටස් ආණ්ඩුව සතු බවත් ඒ අතරම පිළිගන්නවා.

එසේ වුවත් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදල් වෙනත් සමාගම් වලද ආයෝජනය කර ඇති බව පෙන්වාදෙන අමාත්‍යවරයා ඒ නිසා ලක්දනව් සමාගම රජය සතු සමාගමක් නොවන බවත් පවසනවා.

එම සමාගම ලබාදෙන විදුලිය , විදුලි බල මන්ඩලය මිලට ගන්නා බවත් අමාත්‍යරයා සදහන් කළා.

එනිසා එම සමාගමේ කොටස් ඇමරිකානු සමාගමක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ලක්දනව් පුද්ගලික අංශයේ

ලක්දනව් සමාගමේ අයිතිය විටෙක රජය සතු බවත් විටෙක පුද්ගලික අංශය සතු බවත් පවසමින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත අමාත්‍යවරයා ඉදිරිපත් කළේ ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

එම වැඩසටහන මෙහෙයවන්නන් කරුණු හා දත්ත පෙන්වමින් ලක්දනව් සමාගම රජය සතු සමාගමක් බව තහවුරු කළ අතර ඊට අමාත්‍යවරයා විටෙක පිළිගනිමින් තවත් විටෙක එසේ නොවන බව පවසමින් කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි පිළිතුරු ලබා දුන්නා.

යුගදනව් සමාගම පෞද්ගලික සමාගමක් නම් අදාළ ගිවිසුමට විදුලි බල මණ්ඩලයේ ලේකම් වරයා අත්සන් කළේ මන්දැයි යන්න නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය විදුලි බල ක්ෂේත්‍රයට අදාල කාරණයක් බැවින් ඔහු අත්සන් කළ බවයි.

ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මෙවන් උත්තර ලබා දුන්නේ ලක්දනව් විදුලි බලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට යාමේදී.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *