Tue. Oct 26th, 2021
Share Button

ලංකාවේ කාලයක් පුරාවට බොහොම ජනප්‍රිය චරිතයක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. නිරූපන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්, වගේම රංගන ශිල්ප්නිනියක් ලෙසත් ජනප්‍රිය වුනත් නතාෂා වැඩිපුරම ජනප්‍රිය වුනේ ගායන ශිල්පිනියක් විදියට. නමුත් නිතරම දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි නතාෂා කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි නතාෂා ප්‍රිහාන් සමග විවාහයෙන් පස්සේ විදෙස්ගතව සිටිම. කොහොම වුනත් දැන් මේ දෙදෙනා ඉන්නේ ලංකාවේ. කොහොම වුනත් නතාෂා- ප්‍රිහාන් දික්කසාද වෙලා කියලා සමාජයේ කට කතාවක් පැතිරුනා ඒ පිලිබඳ නතාෂා අපිට කිවුවේ මේ වගේ කතාවක්, ”මෙහෙමයි ඇත්තටම ඔහොම කතාවක් හැදෙන්න ඇත්තෙ ප්‍රිහාන් සහ මම එකටම නිතර ගමන් බිමන් යන්නෙ නැහැ, අපි දෙන්නා එකට ෆොටෝ දාන්නෙ නැහැ. ඔය නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ.” කියලයි.

නතාෂා කාලයක් රංගනයෙන් ඉවත්වෙලා සිටියා කොහොම වුනත් නතාශාට නැවත රඟපාන්න ආසාවක් තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ සැමියත් කියනවලු රඟපාන්න කියලා. ඉතින් නතාෂා රංගනය සඳහා ලැබෙන සෑම පිටපතක්ම බාරගන්නා නිලියක් නෙවෙයි. ඇය පිටපත් බාරගන්නා ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” නිර්මාණයේ තියෙන ගුණාත්මක බව තමයි මම අනිවාර්යෙන් බලන්නේ. මොකද මේ වෙනකම් මම නිර්මාණ කරලා තියෙන්නේ දෙක තුනයි. හැබැයි ඒ නිර්මාණවලට සම්මාන පවා මට ලැබුණා.” කියලයි, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය ගායිකා නතාෂාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *