Fri. Sep 24th, 2021
Share Button

රංගනය අතින් වගේම නිරූපනය අතිනුත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ. පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශනයවුන ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ‘වෙල්මා’ කියන චරිතයට පන පෙවුවෙත් ඇය විසින්. කොහොම වුනත් මේ වනවිට රටේ පවතින තත්වය නිසා එම ටෙලිනාට්‍යයේ රූගතකිරීම් තාවකාලිකව නතර කරලා. ඒ වගේම මේ නාට්‍යයේ මෙතෙක් රූගත කරලා තියෙන කොටස් සියල්ලම විකාශනය වෙලා අවසන්. ‘වලවෙට්ටුවා’ නාට්‍යයේ වෙල්මාගේ චරිතය ගොඩක් තාත්වික ලෙස ඇය ඉදිරිපත් කරනවා. ඉතින් මේ චරිතය පිලිබඳ ටීනා කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මේ නාට්‍යයේ පිටපත මගේ අතට ලැබිලා මම පිටපත කියෙවුවට පස්සේ මේ චරිතයේ ස්භාවය මගේ හිතේ ඇඳුනා, ඒ වගේම මේ චරිතයේ සියුම් ගතිලක්ෂණ මම ගොඩක් හොඳින් අධ්‍යනය කළා. ඒ වගේම මම මේ චරිතය ඉදිරියට කරගෙන යද්දිත් චරිතය පිලිබඳ අධ්‍යනය දිගටම කරනවා” කියලයි.

කොහොම වුනත් මේ නාට්‍යයේ එක් ජවනිකාවක වෙල්මා චමීරට ගහපු කම්මුල් පාර ගොඩක් තාත්විකයි. ඉතින් ඒ පිලිබඳ ටීනා අපිට පැවසුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මට රංගනය කියන දේ තරමක් ආධුනිකයි. එත් චමීර කියන්නේ රංගනයේ ප්‍රවීනයෙක්. ඒ වගේම චමීර මගේ හොඳ මිතුරෙක්. මගේ රංගනය යම්තාක් දුරට හරි සාර්ථක වුනානම් එහි ගරුත්වය චමීරටත් අයිතියි. මොකද චමීර මට ගොඩක් දේවල් කියල දුන්නා. ඒ වගේම අර කනට ගහන දර්ශනය වෙලාවේ චමීර මට කිවුවා ‘කමක් නෑ අත දිගහැරලා ගහන්න කියලා’ ඉතින් දිගහැරලා ගහන්න කියපු නිසා මම ගැහුවා. ඒ නිසයි ඒ රංගනය තාත්වික වුනේ” කියලයි.

ටීනා කියන්නේ ගොඩක්ම සුන්දර තරුණියක්. ඉතින් ඇය ඇයගේ සිරුර පවත්වාගෙන යන ආකාරය පිලිබඳ සහ සුන්දරත්වයේ රහස පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි. ”මම ජිම් එකට යන්නේ ගොඩක්ම අඩුවෙන්. මෑතකදී නම් මම ජිම් එකට ගියේම නෑ. මේක මගේ උපතින් ලැබුන සිරුර. මම ගොඩක්ම කරන්නේ ආහාර පාලනය. මම ආසම පීසා, චොකලට් වගේ ඒවත් මම කන්නේ ගොඩක් අඩුවෙන්. පොඩ්ඩක් බර වැඩිවෙලා වගේ දැනුනොත් මම ජෝගින් කරනවා එච්චරයි කියලයි” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටීනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

 

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *