ක‍්‍රිකට් ගැන ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නවා

Share Button

අප රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සතුටුදායක තත්ත්වයක නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නවා යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (16) කළුතරදී ප‍්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ග‍්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනට අදාළව කළුතර දිස්ත‍්‍රික් කමිටු රැුස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීය.

එංගලන්ත ක‍්‍රිකට් සංචාරයට අදාළ තරග පැවැත්වෙමින් තිබියදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ක‍්‍රීඩකයන්ගේ මානසික තත්ත්වයට හොඳ නැහැ. කෙසේ වුවත් මා මේ පිළිබඳව ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමගත් සාකච්ඡුා කර තිබෙනවා. ඉදිරියේදී රටේ කි‍්‍රකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නවා.

දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබාදීම සඳහා ක‍්‍රීඩා පුහුණු පාසලක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 25 ක් වෙන්කර තිබෙනවා.

සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම එක් ක‍්‍රීඩාංගණයක් අංග සම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් බවට පත්කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 50 බැගින් වෙන්කර තිබෙනවා. ඒ වගේම ක‍්‍රීඩා පිටි පිරිසිදු කිරීම සඳහා ප‍්‍රතිපාදන වෙන් කරනවා. ඒ සඳහා යෞවන සමාජ හා ක‍්‍රීඩා සමාජ සම්බන්ධ කරගත යුතුයි. ඒ වගේම ක‍්‍රීඩා භාණ්ඩ සංචිතයක් ද ඇති කරනවා.

මේ සියලූ කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් යුත් සංචිතයක් හදා ගැනීමයි.

කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දිම එදිරිමාන්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් එල්ලාවල යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *