අමෙරිකාවේ ආරක්ෂාව වැඩි කෙරේ

Share Button

අමෙරිකානු අභිනව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ.

ඇතැම් වෙළෙඳසැල් වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙනඇති අතර වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා ජාතික ආරක්ෂක බලකායේ භටයින් 20,000ක් පමණ යොදවා තිබේ.

ගිනි අවිදෙකක් සහ උණ්ඩ තොගයක් සමග ඊයේ වර්ජිනියා ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

ලබන බදාදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *