දකූණු ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය සහ ලොව දෙවන ගුවන්විදුලිය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව සුභාවිත ලෙස භාෂාව හසුරුවන නිවේදක පරපුරක් බිහි කිරීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව පෙරදැරිව වයස අවුරුදු 18 – 30 අතර කටහඬට පෞර්ෂයක් සහිත නිවේදක කණ්ඩයමක් තෝරා පත් කර ගැනීමට අපේක්ෂා කරයි.
ප්‍රවීණ විනිශ්ච මණ්ඩලයක් හමුවේ හඬ පරීක්ෂණයක් පවත්වා මෙම කණ්ඩායමට බඳවා ගැනීමට අරමුණු කරන අතර හඬ බැංකුවක් පිහිටුවීමට ද අපේක්ෂිතය.
තෝරා ගන්නා නිවේදක කණ්ඩායමට විධිමත් පුහුණුවක් සහ අවශ්‍යතා පුර්ණය කිරීමෙන් පසු ජාතික මට්ටමෙන් පිළිගත් සහතිකයක්ද ප්‍රධානය කෙරේ.
ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ WWW.SLBC.LK නිල වේබ් අඩවියෙන් ඔබට අයදුම්පත බාගත කළ හැකි අතර ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විමසීම් කවුන්ටරයෙන් සහ සියලූම ගුවන්විදුලි ප්‍රාදේශීය කාර්යාලවලින් ද අයදුම්පත් ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු 20 වන අතර දුරකථන අංක 0112696602 ඔස්සේ වැඩිදුරටත් තොරතුරු ඔබට ලබා ගත හැක.