යොවුන් පරපුරේ ටෙලිනාට්‍ය රසාස්වාදය ඉලක්ක කර ගනිමින් ”හදවතේ කතාව” නමින් ස්වර්ණවාහිනියෙන් මේ වන විට නවතම ටෙලි නාට්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ වන විට දෙරණ නාළිකාව ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති දෙවෙනි ඉණිම කතා මාලාවේ එන චරිත රැසක්ම මෙයට රංගනයෙන් දායක වනවා.
දැනටමත් මෙම ටෙලිනාට්‍යයේ පූර්ව ප්රචාරක වීඩියෝ අන්තර්ජාලයේ මෙන්ම ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන අතර බෑලු බැල්මටම මෙය දෙවනි ඉණිම නාටකය ඉලක්ක කර ගනිමින් ”හදවතේ කතාව” නිර්මාණය වී ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ දෙවනි ඉණිම නාටකයේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් ”හදවතේ කතාව” නාට්‍ය පිටුපසද දැවැන්ත කර්ත්‍යවයක් ඉටුකර ඇති බවයි.
සතියේ දිනවල රාත්‍රී 9ට ස්වර්ණවාහිනී ඔස්සේ විකාශය වන ”හදවතේ කතාව” වර්තමානයේ තරුණ පරපුර බෙහෙමින් ආකර්ෂණය කරගනු ඇති බව කාගෙත් විශ්වාසයයි.