කැළඹෙන කාලගුණය අස්සේ කිරිපිටි මිලත් ඉහළට

Share Button

ආනයනික කිරිපිටි මිල අද(24) සිට ඉහළ දැමීමට පාරිභෝගික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපතිවරයා පවසා සිටියේ, ඒ අනුව ග්‍රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් හා කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති බවයි.

පසුගිය අගෝස්තු මස 2 වන දා අවසන් වරට කිරිපිටි මිල ඉහළ දමනු ලැබීය.

ඒ අනුව ග්‍රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 380 කි.

කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 985 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *