Sun. Dec 5th, 2021
Share Button

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන පෞද්ගලික රෝහල් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ලියාපදිංචි වීමකින් තොරව කොරෝනා පරීක්ෂණ සිදු කරනු ලබන එවැනි පෞද්ගලික රෝහල් කඩිනමින් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවයි.

කොරෝනා පරික්ෂණවලින් අනතුරුව ආසාදිතයෙකු බවට හඳුනා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරතුරු, ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට හෝ ප්‍රදේශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ්‍යවරයාට දැනුම් දෙන ලෙසද, සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ පෞද්ගලික රෝහල්වලින් ඉල්ලීමක් කළා.

අමාත්‍යාංශය පැවසුවේ, ඇතැම් පුද්ගලයින් අවසර නොමැති පෞද්ගලික රෝහල් වලින් කොරෝනා පරීක්ෂණ සිදුකර, ආසාදිත බවට තහවුරුවී, වෛද්‍ය උපදෙස්වලින් තොරව ක්‍රියාකිරීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාවක් ද පවතින බවයි.

එම තත්ත්වයන් යටතේ, ගෘහස්තව සිදුවන මරණවල ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *