Mon. May 23rd, 2022
Share Button

සංගීත ලෝකයේ ලාංකීය ගායන ශිල්පින් අතර සියනම රනින් සනිටුහන් කිරීමට සමත්වූ අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි අතුල අධිකාරි කියන්නේ. එදා මෙදා තුර ප්‍රේක්ෂක ආදරය නොඅඩුම ලබාගත් නිහතමානී ගායකයෙක් ලෙස ඔහුව හදුන්වුවාට වරදක් නැත.

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ලාංකික තාරුණ්‍යයේ හදවත් සො’රා’ගත් හිත හොද ගායකයෙක් ලෙස ඔහුව හදුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ මිහිරි හඩට ආදරය කරන පිරිසට ලොකු පොඩි භේදයක්ද නැත. ඒ තරමටම හිතට වදින ඒ ලයාන්විත හඩ දිව්‍ය ඔසුවක් වැනි බවද බොහෝ දෙනා කියා තිබෙන්නේ ඒ නිසාමයි. රටේ පවතින තත්වය හමුවේ ප්‍රසංග වේදිකාවේ කටයුතු නොමැති වුනත් ජනප්‍රියත්වයේ අඩුවක් නැති මේ සොදුරු කලාකරුවා දැන් ගෙවන ජීවිතය ගැන එක්තරා වැඩසටහනකදී මෙලෙස කියා සිටියා.

ගායන ශිල්පියෙක් විදියට පමණක් ප්‍රේක්ෂක ආදරය දිනා සිටි ඔහු මේ වන විට සිය රංගන කුසලතාවන් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. හිරු TV රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන ‘ දිවිතුරා ‘ ටෙලි නාට්‍යයේ සංගීත ගුරුවරයෙකු වන තරුපතිගේ චරිතයට පන පොවන්නේ කවුරුත් ආදරය කරන මේ සොදුරු ගායකයායි.

ඔහු පවන පරිදි නම් කැමරා කාචයක් ඉදිරියට ඔහු මෙලෙස පැමිණෙන්නේ වසර හා අටකට පසුව බවයි. ගායනයට වගේම රංගනයට ඔහු දක්වන්නේ සුවිශේෂී දක්ෂතාවයක්. අහම්බෙන් ලැබුණු ආරාධනාවක් වුනත් ඉතාමත් කැමැත්තෙන් බාරගත් බවද ඔහු සදහන් කර සිටියා. ජනප්‍රිය නිලි හිමාලිද රංගන කටයුතු වලදී ඔහුට සහයෝගය දක්වන බවද සදහන් කර සිටියා.

සතියකට දවස් දෙකක් පමණ නුවර එලියට ගොස් සතුටින් සිදුකරන අතරම සුරතලා සමග ඒ ගමනට ඉතාමත් අසාවෙන් යන බවද ඔහු කියා සිටියා. වෙනස්ම අත්දැකීමක් වුනත්. ඉදිරියේදී හොද දෙයක් කරන්න බලාපොරොත්තුවෙන බවත් නාට්‍ය නරඹා හොද න’ර’ක කියන්නත් අමතක නොකරන ලෙස අතුල අධිකාරි කියා සිටියා.

ආදරය සහ විවාහය දි’ක්කසා’දය ගැනද ඔහු අදහස් දක්වා සිටියා. විවාහ දෙකෙන්ම වෙන්වෙලා තනිකඩ සිටින අතුල අධිකාරි නැවත විවාහ නොවන බවද ඔහු ස්ථිරවම කියා සිටියා ආදරය ජිවිතයට අවශ්‍ය බවත් නමුත් නැවත කිසිදා විවාහ නොවන බවද කියා සිටියා. සමිතා මුදුන් කොටුවගෙන් සහ අමායාගෙන් වෙන්වීම පිළිබදවද ඔහු කියා සිටියේ මෙවන් කතාවක්.

 

සමිතා දැන් කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. අමයත් එහෙමයි. ඒ වගේම එයාලා තාමත් මාත් එක්ක සමීපයි සමිතාගේ පවුලේ අයගේ දුව කවී පුතා ෂේන් මේ අයගේ ආදරය රැකවරණයත් අමායගේ පවුලේ අයගේ රැකවරණයත් මට ලැබෙනවා. දික්කසාද වුනත් ඒ අතින් මම හරි වාසනාවන්තයි කියලා ඔහු සදහන් කර සිටියා.

අපි එකට ජිවත් වුන කාලේවත් කවදාවත් ර’ණ්ඩු’වෙලා නෑ. මට හිතුනා බැදීම් වලින් නිදහස් වෙන එක හොදයි කියලා හැබැයි ඒක තේරුම් ගියේ අවුරු 50ක් ගියාට ගියාට පස්සේ. ඉතින් මම තනියම ඉන්නවා. සමිතත් අමායත් සතුටින් ඉන්නවා. දරුවන්ට මගේ අතින් ඉටුවිය යුතු යුතුකම් සමහර අවස්ථාවලදී මග හැරුනා. එත් එයලා මට ආදරෙයි. දු’ක’ක් දැනෙනවා නැත්තේ නෑ. ඒ වෙලාවට මම පීනනවා. කියා ඔහු කියා සිටියා

 

සමාජ මධ්‍යයේ යන කතාවලටද ඔහු ප්‍රතිචාරයක් දක්වා තිබුනේ මෙලෙසින්. අපි ප්‍රසිද්ධ අය නිසා තමයි හැමදේම සමාජ මාධ්‍යවල යන්නේ එත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවිතවලත් අපිට සිදුවෙන දේවල් වෙනාවා. එත් ඒවා සමාජ මාධ්‍යට එක්වන්නේ නැහැ. එකයි වෙනස තියෙන්නේ. මම දෙයක් ගැන උසස් විදියට හිතනවා. කා එක්කවත් ත’රහ’ක් අ’මනා’පයක් නෑ. මම ජිවිතේ සතුටින් ගත කරන බවද ජනප්‍රිය ගායක අතුල අධිකාරි අවසාන වශයෙන් කියා සිටියා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *