කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9,185 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 146 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 100 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 94 දෙනෙක් වෙති