ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය .
මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් තිබුණත් එම ඔක්සිජන් අවශ්‍යතාවය සපුරා ගැනීමට රජයේ මූලික අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් එම ආයතනයේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.