න්‍යෂ්ටික යුද්ධයට දිරිගැන්වූවා යැයි ප්‍රියංකා චොප්රාට චෝදනාවක්

Share Button

අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය අතර ආතතිය උත්සන්න වෙමින් පැවැති පෙබරවාරි මාසයේදී පළ කළ ට්විටර් පණිවිඩයක් නිසා ඉන්දියානු නිළි ප්‍රියංකා චොප්රා කුහකයකු ලෙස හංවඩු ගැසීමට ලක්වෙලා තියනවා කියලා ඔන්න විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි සෙනසුරාදා පැවති රූපලාවණ්‍ය ආලේපන උත්සවයකදී එහි ප්‍රේක්ෂකයන් අතර සිටි අයේෂා මලික්, පාකිස්තානයට එරෙහි න්‍යෂ්ටික යුද්ධයකට ඉන්දියාව දිරිගැන්වූ බවට චොප්රා හට ප්‍රසිද්ධියේ චෝදනා කරලා තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇලස්කාවේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන, 28 හැවිරිදි පාකිස්තාන ජාතික අයේෂා, ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් 95,000ක් සිටින ප්‍රබල ජනමත නායිකාවක් ලෙස සැලකෙනවා. “අපි එකිනෙකාට ප්‍රේම කළ යුතු අසල්වැසියෝ වෙමු” යනුවෙන් ඇය ප්‍රකාශ කර තියන බව තමයි ඉතින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *