ලංකාව ගැන සංගා ජාත්‍යන්තරයට කිව්ව සැර කතාව මෙන්න

Share Button

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සැකසීම හා නියාමනයන් පිළිබඳ වගකිව යුතු ආයතනයක් ලෙස සැලකෙන එංගලන්තයේ මාරිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී මනු සොව්නි සමඟ පසුගියදා පැවැති හමුවීමකදී ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු වත්මන් ආරක්ෂක තත්ත්වය හා පාකිස්තානයේ වත්මත් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට භාජනය කර තිබුණු අතර, එහිදී එම්.සී.සී. සභාපති කුමාර් සංගක්කාර පවසා ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි පැවැත්වෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සංගක්කාර “සෑම රටක්ම ආරක්ෂාව සහ අවදානම් මට්ටම පිළිබඳ ස්වාධීන තක්සේරු කිරීම් සිදුකරනවා වගේම එම ගැටලු සඳහා මේ වන විට තෘප්තිමත් විය හැකි පිළිතුරු ලැබිලා තියෙන බව මට හැඟෙනවා. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනසක් වෙයි කියලා මම දකින්නෙ නැහැ. නමුත් එම කරුණ තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන නිසා අපි බලමු. ශ්‍රී ලංකාවේ ගැටලුකාරී තත්ත්වයන්වල උච්චතම අවස්ථාවල මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටියා වගේම අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකිවන ලෙස අපි විධි විධාන සකස් කරලා තිබුණා” යනුවෙන් පවසා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *