නියම රියල් පොරක් අපි ඉදිරිපත් කරනවා

Share Button

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක එකමුතුවෙන් මෙම මස 18 වනදා වන විට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා පවසයි.

පක්ෂය සමඟ එක්වන බලවේගයන් තුළ ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් හා පූජ්‍ය පූජක පක්ෂයෙන් යුත් පෞද්ගලික පරමාර්ථයන්ගෙන් තොරව රටට ආදරය කරන මහා දැවැන්ත බලවේගයක් ගොඩනැගී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් කරන අපේක්ෂකයා හොරකම්, දූෂණ කිසිවක් නැති රටට ආදරය කරන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත් ” නියම රියල් පොරක්” ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *