හතුරුසිංහ ඉවතට

Share Button

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නවසීලන්තය හා පැවැත්වෙන තරගාවලිය සඳහා අතුරු පුහුණුකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා හතුරුසිංහ මහතා අතර එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ ඔහු ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ අතර තුළ අවශ්‍යනම් ක්‍රිකට් ආයතනය සමග එකඟතාවයකට පැමිණිය හැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *