ලිබියානු යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට-150ක් ජීවිතක්ෂයට

Share Button

ලිබියානු යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ ගිලී යාමෙන් සිදුවූ අනතුරින් 150කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

ගිලීයන අවස්ථාවේදී එහි යුරෝපය බලා ගමන්කරන අප්‍රිකානු සරණාගතයන් සිටි බවද සඳහන්.

ලිබියානුවන් පිරිසක් ගමන්ගත් ලී යාත්‍රාවක් ගිලී යාමෙන් එහි ගමන්ගත් 150කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය අනාවරණය කළේය.

සරණාගතයන් 250කට ආසන්න පිරිසක් රැගත් යාත්‍රාවක් පසුගිය දා මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත්වුණි.

ලිබියානු නාවික හමුදාවට අනුව එහිදී පුද්ගලයින් 134දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර තවත් 115දෙනෙක් අතුරුදන් වූ බව සඳහන්ය.

අතුරුදන් පිරිස මියයන්ට ඇතැයි සැලකෙයි.

කෙසේ නමුත් සරණාගත ඒජන්සිය පවසන්නේ එහිදී 150කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි.

මධ්‍යධරණී මුහුදු කලාපය තරණය කරමින් යුරෝපය වෙත ඇතුලුවීම දරිද්‍රතාවෙන් පීඩාවට පත් අප්‍රිකානුවන්ගේ බොහොමයකගේ සිහිනයකි.

යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කරන සරණාගතයන් රැස්වන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ලිබියාව ප්‍රකටයි.

කෙසේ නමුත් එසේ අන්තරායකර ගමනක නිරත වීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් ඔවුන්ට සිහිනයට පෙර මරණය උදාවන පුවත් නිරන්තරයෙන් එම කලාපයෙන් වාර්තා වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *