මේගන් මාර්කල් දෙවැනි දරු උපතට සූදානමින්

Share Button

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුගේ බිරිය මේගන් මාර්කල් මීට මාස කිහිපයකට පෙර මැයි 6 වනදා සිය ප්‍රථම දරුවා ලෙස ආර්චි කුමරුට උපත ලබාදීමෙන් පසු නැවතත් ගැබ්ගෙන ඇති බවත් ලබන වසරේ දෙවැනි දරු උපත සිදු කරනු ඇති බවටත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්චි උපත ලැබීමෙන් පසු හැරී මෙගන් යුවළ පදිංචිය සඳහා දකුණු අප්‍රිකාවට යනු ඇති බවට ආරංචි පැතිරයාමෙන් පසු බොහෝ මාධ්‍ය ඔවුන් ගැන වැඩි අවධානයෙන් පුවත් පළ කර තිබුණි.

මේ වනවිට බ්‍රිතාන්‍ය රජ පවුලේ පුවත් මවන්නිය බවට මෙගන් මාර්කල් පත්ව ඇති අතර හිටපු හොලිවුඩ් නිළියක වීම නිසාම ඇය ඇගේ සියලු අවස්ථා ‘මාකට් කරන්නට’ දක්ෂ වූ බවට විවේචනද පළව තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *