ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
අද (22) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සහ එක්ව ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට අමතරව දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි දේශපාලන පක්ෂ දහ අටක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමේ සාකච්ඡා පවත්වා ඇති අතර ඉතිරි දේශපාලන පක්ෂ ඉදිරියේදී එම අවබෝධතා ගිවිසුම හා එක්වනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.